අප්‍රිකානු ජාතික කොංග්‍රසය ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති සූමාගෙන් ඉල්ලයි

AFP ජේකොබ් සූමා අර්බුදයක

පෙර පරිදි කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පාලක පක්ෂයවූ අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වන ලෙස නිල වශයෙන් ඉල්ලා තිබේ.

අද (12) පැවති පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කඩිනම් සකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹිණි.

75 හැවිරිදි සූමා ඉවත්වී නොයන්නේ නම් ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගැනීමේ ඡන්දයකට මුහුණ දිය යුතු අතර එයින් ඔහු පරාජයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2009 වසරේ සිට බලයේ සිටින ජේකොබ් සූමාට අඛණ්ඩව දූෂණ චෝදනා එල්ලවී ඇත.

සිරිල් රමෆෝසා පක්ෂ නායක ලෙස පත්කරගත් පසුගිය දෙසැම්බරයේ සිට, පදවියෙන් ඉවත්ව යන ලෙස කෙරෙන බලපෑම් වලට ජනාධිපති ජේකොබ් සූමා බලවත්සේ එරෙහි විය.

අප්‍රිකානු කොංග්‍රසයේ තීරණයට ජනපතිවරයා කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි තවම පැහැදිළි නැත. එය අද සවස් වනවිට නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තනතුරින් ඉවත්වන්න; රමෆෝසා ජනපතිවරයාගේ නිවසටම ගොස් දන්වයිREUTERS
තනතුරින් ඉවත්වන්න; රමෆෝසා ජනපතිවරයාගේ නිවසටම ගොස් දන්වයි

මීට පෙර, සිරිල් රමෆෝසා අප්‍රිකානු ජාතික කොංග්‍රස් රැස්වීමෙන් ඉවත්ව ජනපතිවරයාගේ නිවසටම ගොස් ඔහු ඉල්ලා අස් නොවනේ නම් ‘නැවත කැඳවීමට’ සිදුවනු ඇති බව පවසා ඇත.

සූමා කළ වැරදි මොනවාද?

ජනාධිපති ජේකොබ් සූමාගේ ධූර කාලය දූෂණ චෝදනාවන්ගෙන් වැසී පැවතුන ද ඒ සියල්ලක්ම ඔහු සැමවිටම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.

          ජනපති සූමා චෝදනා ප්‍රතික්‍ෂේප කරයි

සිය පෞද්ගලික නිවස සඳහා වියදම් කළ රජයේ මුදල් ආපසු ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් ජනාධිපති සූමා ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව, දකුණු අප්‍රිකානු උපරිමාධිකරණය 2016 දී තීරණය කළේය.

මේඅතර, 1999 වසරේ අවි ගනුදෙනුවකට අදාළව ජනපතිවරයා වංචා, ජාවාරම්, මුදල් විශුද්ධිකරණය ඇතුළු දූෂණ චෝදනා 18කට මුහුණ දියයුතු බව පසුගිය වසරේදී අභියාචාධිකරණය තීරණය කළේය.

ඉතා මෑතක, රජයට බලපෑම් කිරීමේ හැකියාව ඇතැයි පැවසුණු ඉන්දියානු සම්භවයක් ඇති ධනවත් ‘ගුප්තා පවුල’ සමග ඇති සබඳතා හෙළිවීමත් සමගම ජනපතිවරයාගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ වැටුනේය.

ජනාධිපති සූමා මෙන්ම ගුප්තා පවුළ ද, චෝදනා ප්‍රතික්‍ෂේප කළේය.

REUTERS
මීට පෙර විශ්වාසය පළකිරීමේ ඡන්ද විමසීම් අතර තනතුරේ රැඳෙන්නට ජපතිවරයා සමත්විය.

සූමා ඉවත්වේවිද?

වාර්තාකරුවන්ට අනුව, ඉවත්වන ලෙස කෙරෙන ඉල්ලීමට එරෙහිවීමට ඔහුට ඉතා අපහසු වනු ඇති නමුත්, එසේකිරීමට ඔහු නීතියෙන් බැඳී නැත. ඒ අනුව, පක්ෂයේ විශ්වාසය අහිමිවුව ද ඔහුට සාමාන්‍ය පරිදි ධූරයේ කටයුතු කරගෙන යෑමට හැකිය.

කෙසේවුවද, පෙබරවාරි 22 ට දින නියම කර ඇති විශ්වාසය පළකිරීමේ ඡන්ද විමසීමට මුහුණදීමට ඔහුට සිදුවේ.

මීට පෙර ජනපතිවරයා විශ්වාසය පළකිරීමේ ඡන්ද විමසීම් අතර තනතුරේ රැඳෙන්නට සමත්වුවද, මෙවර එය ආපසු හැරවීමට සමත් නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "අප්‍රිකානු ජාතික කොංග්‍රසය ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති සූමාගෙන් ඉල්ලයි"

Leave a Reply

%d bloggers like this: