ඉන්ෆ්ලුවෙන්සා H1N1

මේ දිනවල පැතිරෙන  වෛරස් උණ හෙවත් ඉන්ෆ්ලුවෙන්සාව

මේ වනවිට දිවයිනේ සෑම පළාතකම මෙන්ම සෑම ප්‍රදේශයකම  පාහේ පැතිරීයන වෛරස් උණ රෝගය නිසා පිඩා විඳින  පුද්ගලයින් ගේ සංඛ්‍යාව සුළුපටු නැත.  ඉන්ෆ්ලුවන්සා වෛරස A (H1N1) මේ වනවිට රට තුළ රෝගී තත්ත්වයක් ඇතිකරමින් පැතිර යයි. එහිදි උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් බොහෝ විට ප්‍රතිකාර  රහිතවම සුව වන අවස්ථාද උදාවෙයි.  එහෙත් සමහර පුද්ගලයින්ට  රෝගය උත්සන්න වීමෙන් හට ගන්නා සංකූලතා  නිසා දැඩිලෙස පීඩා විඳින බවක්ද දක්නට ලැබේ. සෙල්සියස් අංශක 38( 380C) ට පවතින තද උණ , ඒ සමගම කැස්ස උගුරේ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම යනාදි රෝග ලක්ෂණ සහිතව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව  මෙම ඉන්ෆ්ලුවෙන්සාව පැතිරීයයි.

වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් වයස අවුරුද් 2 ට අඩු දරුවන් සහ  ගර්භණි මව් වරුන් මෙම ඉන්ෆ්ලුවෙන්සාවට ගොදුරුවිය හැකි පුද්ගලයින් වන අතර ඊට අමතරව  ප්‍රතිශක්තිය හීන පුද්ගලයින් , නිදන්ගත හෘද රෝග, අක්මා රෝග, වකුගඩු රෝග සහ දියවැඩියා රෝගය යනාදී රෝග වලින් පෙළෙන පුද්ගලයින් සහ දිගු කාලීනව ප්‍රෙඩ්නිසිලෝන් නම් ඖෂධය ගන්නා රෝගීන් වැනි අයද මෙම රෝගයට ගොදුරු වීමට හැකි පුද්ගලයින් ලෙස  නම්කර ඇත.

ශ්වසන පද්ධතිය හරහා ශරීර ගතවන මෙම වෛරසය එනම් නාසය හා මුඛය තුළින් ඇතුල් වන වෛරසය, සංඛ්‍යාවෙන් ප්‍රගුණ වෙමින් වර්ධනයවී ශ්වසන පද්ධතියට හානි කරයි.

රෝග ලක්ෂණ

උණ, හිසරදය, ඇඟ පත අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම, සමහර විට වමනය හා පාචනය

සංකූලතා

කුඩා ප්‍රතිශතයකට නියුමෝනියා ඇති විය හැක. රෝග ලක්ෂණ කාලයත් සමඟ වැඩිවේ නම් හෝ ශ්වසන අපහසුතාව, සිහිය මඳ වීම, තද උණ, වලිප්පුව ඇතිවුවහොත් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුය. කලාතුරකින් හෝ මරණය සිදු විය හැක

රෝගය වළක්වා ගැනීම

නිරතුරුව දෑත් සබන් ගල්වා පිරිසිදු ජලයෙන් සෝදාගන්න.

නිතරම දෑත් වලින් මුව හා නාසය ඇල්ලීමෙන් වළකින්න.

රෝග ලක්ෂණ ඇත්නම් 

රජයේ රෝහලක  වෛද්‍යවරයකුගෙන් හෝ රජයේ රෝහලක සේවය කරන හෝ කර තිබෙන පළපුරුදු වෛද්‍ය වරයකුගෙන්  ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.

කැස්සකදී හෝ කිවිසුමකදී ලේන්සුවකින් හෝ ටිෂු කඩදාසියකින් නාසය හා මුව ආවරණය කර ගතයුතු අතර

පාවිච්චි කළ ටිෂු කඩදාසි ආරක්ෂිතව ඉවත දැමිය යුතුය.  භාවිත කරන ලේන්සු නිතර සෝදා පිරිසිදු කර ගත යුතුය. පෝෂ්‍යදායි ආහාර ගතයුතු අතර.  දියර වර්ග වැඩිපුර පානය කර  හොඳින් විවේක ගත යුතුය.

අමල් උඩවත්ත

 

%d bloggers like this: