ඊශ්‍රායල ප්‍රහාරක යානයක් සිරියානු ප්‍රහාර හමුවේ විනාශ වේ

REUTERS සිරියානු ප්‍රහාර හමුවේ විනාශවූ ඊශ්‍රායල ජෙට් යානය

සිරියාව තුල ස්ථානගතකර තිබෙන ඉරානයට සම්බන්ධ කඳවුරු ඉලක්කකරගත් ප්‍රහාරයක් සඳහා පැමිණි ඊශ්‍රායල එෆ්-16 යුද ගුවන් යානයක් සිරියානු ගුවන්යානා නාශක ප්‍රහාර හමුවේ විනාශ වූ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

උතුරු ඊශ්‍රායලයේදී අනතුරට පත්වීමට මත්තෙන් නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් දිවි ගලවාගෙන තිබේ. සිරියානු ගැටුමේදී ඊශ්‍රායලයට අහිමි වූ පළමු ප්‍රහාරක යානය එය බව විශ්වාස කෙරේ.

ඉරාන ඩ්‍රෝන යානාවක් ඊශ්‍රායලයට ඇතුළුවීමෙන් අනතුරුව, ඊශ්‍රායලය විසින් සිරියාවට ප්‍රහාර එල්ලකරමින් සිටියේය. එම ඩ්‍රෝන යානාව ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබිණ.

ඉන් අනතුරුව ප්‍රහාර වැඩිකිරීමත් සමගම “ආක්‍රමණශීලීව” හැසිරෙන බවට සිරියාව ඊශ්‍රායලයට චෝදනා කළේය.

Anti-aircraft fire smoke over the Syrian-Israeli border in the Golan HeightsImage EPA

“සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය සහ සිරියාවේ ඇති ඉරාන ඉලක්ක වෙත අයිඒඑෆ් ගුවන් යානයක් මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ලකළා. ගුවන් ආරක්ෂක අවි ඒකක 3 ක් සහ ඉරාන යුද ඉලක්ක 4 ක් ද ඇතුලත්, ස්ථාන 12කට ප්‍රහාර එල්ල කළා. උතුරු ඊශ්‍රායලයට අනතුරු හඬ ඇතිකරමින් ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලය දෙසට එල්ලවුනා,” ඊශ්‍රායල ආරක්ෂක හමුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "ඊශ්‍රායල ප්‍රහාරක යානයක් සිරියානු ප්‍රහාර හමුවේ විනාශ වේ"

Leave a Reply

%d bloggers like this: