ක්වාසරයක් සමග කලු කුහරයක්  සොයාගනී.

දුරස්ථ මන්දාකිණි සහ පෘථිවිය යාකරන දෘශ්‍යමය රේඛාවේ  ඇතිවන්නාවූ ගුරුත්වාකර්ෂණ ආචරණ(Gravitational Effect) හේතු කොටගෙන එක් මන්දාකිණියකින් ප්‍රථිබිම්බ කීපයක් සෑදීම  ගුරුත්වාකර්ෂණ  කාච ක්‍රියාවලිය ( Gravitational Lensing) යනුවෙන් හැඳින්වෙයි.මේ බැව් මුලින්ම ලොවට ප්‍රකාශ කරන ලද්දේ  මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසිනි

විශ්වයේ සැඟවුණු රහස් සොයන විද්‍යාඥයින්ට පසුගිය දිනක ඔවුන් නොසිතු පරිදි  තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිවිය. ඒ ඉපැරණි ක්වාසරයකි (Quasar).පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.8 ක් දුරින් පිහිටි මෙම  ක්වාසරය මහා  පිපිරුමෙන් වසර 900 ක් පමණ ගතවීමෙන් පසු සැකසීමට ආරම්භවූවක් බැව් මේ පිළිබඳව අධ්‍යයන කළ විද්‍යාඥයෝ පවසති.

SDSS j0100+2802   යනුවෙන් නම් කර ඇති මෙම ක්වාසරය පිළිබඳව කරන අධ්‍යයන වලින්  විශ්වයේ උපත සිදුවූ අවදියේදී ක්වාසර හැඩ ගැසුනේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබ ගැනීමට හැකිවනු ඇත. රක්ත විස්ථාපනයට (Red Shift) අනුව මේ වනතෙක් සොයා ගෙන ඇත්තේ ක්වාසර 40 ක් පමණි. සොයාගත් මෙම ක්වාසරය  විශේෂත්වයක් ගන්නේ ඈත විශ්වයේ පිහිටි ප්‍රදීපා ගාරයක් ලෙසින්  අධික දීප්තියක් මෙම ක්වාසරයට අයත් වීමයි. පීකිං සරසවියේ ක්සු බින්ග් වු සහ  තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා ආයතනයේ  විද්‍යාඥයින් පවසන්නේ මෙම දීප්තිමත් ආලෝකය අතීත විශ්වයේ තොරතුරු අනාවරණය කර ගැනීමට උපකාර කරන බවයි.

මෙම ක්වාසරයේ දීප්තිය (Luminocity)  පිළිබඳව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ, මෙහි දීප්තිය අපගේ හිරුගේ මෙන් ට්‍රිලියන 420 ගුණයක හෙවත් 4.2 x1014 ගුණයක් වන අතර ක්ෂීර පථයේ තිබෙන තරු බිලියන 400 ක දීප්තිය මෙන් 40,000 ක ගුණයට හා බිලියන 13 ක් පමණ දුරින් පිහිටි  ක්වාසර මෙන් 7 ගුණයක දීප්තියක්  මෙ ක්වාසරය සතුවන බවයි . නිකුත් කරන ශක්තියේ විශාලත්වය වොට් 3 x1041  කට හා සමාන වන අතර  එසේ ම මෙම ක්වාසරය හිරුගේ ස්කන්ධය මෙන්  බිලියන 12 ක පමණ අධික ස්කන්ධයකින් යුත් කලු කුහර ගණනාවක බිහිවීමට අවකාශය ලබාදෙන  බවටද විද්‍යාඥයින්  අතර මතයක් පවතී.

අමල් උඩවත්ත.

 

%d bloggers like this: