ඩෙංගු බවට සැක කරන රෝගීන් 42141ක් ශ්‍රී ලංකාවේ

අමල් උඩවත්ත
ශ්‍රී ලංකා වසංගත රෝග මර්ධන ඒකකයේ තොරතුරුවලට අනුව වසර 2017 ගතවූ මාස 5 තුළ එනම් ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ ඩෙංගු බවට සැක කරන රෝගීන් සමස්ථ දිවයිනෙන්ම 42141ක් වාර්තාවී ඇත. මෙයින් සියයට 40.89(40.89%)ක් ම වාර්තාවීඇත්තේ බස්නාහිර පළාතෙනි.
ඩෙංගු වෛරසයේ කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු විශේෂ දෙකකි. මෙම විශේෂ දෙක ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස් යනුවෙන් හැඳින්වෙයි .ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.
රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන් වයිරසය මිනිසාගේ ශරීර ගතවෙයි. ශරීර ගතවන වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වර්ධනයවී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් දෙවැනි වර අසාදනයවූ රෝගීන් ගෙන් බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්ත්වයට පත් විය හැක
රෝග ලක්ෂණ
තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය සහ ආහාර අරුචිය ඩෙංගු උණ ලක්ෂණ වෙයි.
ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ
දින 2 – 7 දක්වා පවතින අධික උණ
සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා කළු- දුඹුරු පැහැති වමනය ඇතිවීම හෝ මළ පහවිම, මුත්‍ර සමග ලේ පිටවීම සහ අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ
ඩෙංගු කම්පන තත්ත්වය හටගත්විට සිරුර සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම වැනි ලක්ෂණ දක්නට ලැබෙන අතර ,අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම.රෝග තත්ත්ව නිසා මරණය පවා සිදුවිය හැකිය.

වළක්වා ගැනීම
සතියකට වරක් හෝ නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සැළකෙන. මල් පෝච්චි, ටයර් පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ ඇත්දැයි සොයා ඒවා විනාශ කිරීම.
මදුරු නාශක ඉසීම, දුම් ගැසිම ,මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම තුළින් ඩෙංගු උවදුරෙන් බේරීමට හැකියාවක් ඇත.

%d bloggers like this: