ත්‍රිත්ව තරු පද්ධතියක පිහිටි ග්‍රහලොවක්

අමල් උඩවත්ත
පෘථිවියට පරිබාහිර ග්‍රහලෝක සොයන විද්‍යාඥයින්ට පසුගිය දිනක ත්‍රිත්ව තරු (Triple Star System) පද්ධතියක පිහිටි ග්‍රහලොවක් හඳුනා ගැනීමට හැකිවිය.වායුමය ග්‍රහලොවක් වන මෙය තාරකා විද්‍යා නාම කරනයට අනුව HD 131399AB, යනුවෙන් හඳුන්වන අතර අදාළ ත්‍රිත්ව තරු පද්ධතිය HD 131399 යනුවෙන් හඳුන්වයි. මෙම ග්‍රහලොව මෙම තරු පද්ධතියේ දීප්තිමත්ම තරුව වන HD 131399A වටා පරිභ්‍රමණය වේ යැයි විද්‍යාඥයින් විශ්වාස කරයි. සෙන්ටෝරස් තාරකා රාශියේ පිහිටි HD131399 A නම් තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 316 ක් දුරින් පිහිටා තිබෙන අතර එහි දෘශ්‍ය දීප්ති විශාලත්වය 7.7 ක් වෙයි. වසර 2016 ජූලි 7 වන දින මෙම පද්ධතිය සොයා ගැනීමට ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ කෙවින් වැග්නර්,ඩැනියෙල් ඇපායි සහ මාකස් කැස්පර් යන විද්යාඥයින් ඇතුලු කණ්ඩායමක් සහභාගී විය.
විද්යාඥයින්ගේ ඇස්තමේන්තු වලට අනුව මෙම තරුවේ දීප්තිය අපගේ හිරුගේ දීප්තිය මෙන් 10 ගුණයක් බැව් පෙනී ගොස් ඇත. එහෙත් මෙම ග්‍රහලොවේ කක්ෂය කෙබඳු ආකාරයක් ගන්නෙද යන්න තවමත් සොයාගෙන නැත. මෙම වායුමය ග්‍රහලොව පිහිටා තිබෙන දුර පිළිබඳව කළ ඇස්තමේන්තු වලට අනුව මෙම ග්‍රහලොව අපගේ හිරුගේ සිට ආලෝක වර්ෂ 82 ක් පමණ දුරින් පිහිටා ඇතිබැව් සොයාගෙන ඇත. මෙම දුර ප්‍රමාණය අනුව අදාළ තරුව වටා මෙම ග්‍රහලොව පරිභ්‍රමණය වීමට හෙවත් එක වටයක් සම්පූර්ණ කිරීමට වසර 700 ක් පමණ ගතවේ යැයි විශ්වාස කරයි. ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්යාඥයින් පවසන අන්දමට HD 131399Ab යනු මෙතෙක් සොයා ගෙන තිබෙන දුසිමක් තරම්වූ ත්‍රිත්ව තරු පද්ධතියක් සතු අතරින් එක් ග්‍රහලොවක් පමණි.
මෙම විද්‍යාඥ කණ්ඩායම ඇමරිකාවේ චිලී ප්‍රදේශයේ පිහිටුවා තිබෙන අති ප්‍රබල රේඩියෝ දුරේක්ෂය ආධාරයෙන් කළ නිරීක්ෂණ වලින් හුදකලා තරු හෙවත් තනි තරු සහ බහු තාරකා පද්ධති වලට අයත් ඉතාමත් තරුණ තරු 100 ක් පමණ හඳුනාගෙන ඇත. පර්යේෂකයන් නවතම අධි තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් මෙම ත්‍රිත්ව තරු පද්ධතියට අයත් මෙම ග්‍රහලොව වේ ඡායාරූප ගනු ලැබුවත් එම දීප්තිමත් තරුවේ පසුබිම් ආලෝකයෙන් ග්‍රහලොව වැසියන බැවින් එම ඡායාරූප අපහැදිලි ස්වභවයක් පෙන්නුම් කරයි. තවද මෙම තරු පද්ධතියේ වයස වසර මිලියන 16 ක් පමණ වන අතර මෙම තරු පද්ධතියේ උණුසුම හේතුවෙන් මෙම ග්‍රහලොව වඩ වඩාත් උණුසුම් වෙමින් පවතින බැව් මෙම නිරීක්ෂණ වලින් පෙන්වා දෙයි. පර්යේෂකයින් මෙම දීප්තිය උපයෝගී කර මෙම ග්‍රහලොවේ ස්කන්ධය මැනීමෙන් පසු පෙනී ගියේ මෙම ග්‍රහලොවේ ස්කන්ධය බ්‍රහස්පති ග්‍රහලොවේ ස්කන්ධයමෙන් හතර ගුණයක් පමණ වන බවයි. මෙම සියලුම පර්යේෂණ සහ නිරීක්ෂණ දත්ත වලට අනුව විද්‍යාඥයින් මෙම වස්තුව ග්‍රහලොවක්ම වන බවත් දුඹුරු වාමන තරුවක් නොවන බවත් පෙන්වාදෙයි. එසේ ම මෙම වායු ගෝලයේ වෙනත් පරිබාහිර ග්‍රහලෝක වලමෙන් මීතේන් සහ ජල වාෂ්ප තිබෙන බැව්ද සහතික කරයි.
එසේ නමුත් මෙම පර්යේෂකයන් මෙම පද්ධතියේ මූලාකෘතියට අනුව අපහැදිලි වුවත් මෙම ග්‍රහලොවට පුළුල් කක්ෂයක් තිබෙන බැව් තහවුරු කරයි.එසේ වුවත් මෙම පර්යේෂකයන් ඔවුන්ට පැනනැගී තිබෙන ගැටළු තුනක් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරයි.
1) කවුරුත් නොදන්නා වෙනත් කුඩා ග්‍රහලොවක් නම් තරුවේ ප්‍රාථමික තරුව වටා පරිභ්‍රමණය වන බවත්, මෙම කුඩා ග්‍රහලොව මුල් අවධියේදී
HD 131399Ab නම් ග්‍රහලොව සමග ඇති කරගත් ගැටීමකින් පසු පිටතට ගමන් කර ප්‍රාථමික තරුව වටා පරිභ්‍රමණය වීම ආරම්භ කළ බව.
2 මුල් අවධියේදී HD 131399Ab නම් ග්‍රහලොව ද්විත්ව තරුව හා බැඳී සම්භවය වුවත් පසුව තවත් ආගන්තුක තරුවක් එකතු වීමෙන් ද්විත්ව තරුව ත්‍රිත්ව තරුවක් වූ බව
3) මෙම සමස්ථ පද්ධතියම කාලයට අනුව වෙනස් වන අතර එහි ආරම්භය කවදාද යන්න කිව නොහැකි වීම.
කෙසේ වෙතත් විද්‍යාඥයින් ද්විත්ව තරු පද්ධති වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක පිළිබඳව සෙවීමට කාලය වැය නොකරන්නේ ද්විත්ව තරු පද්ධති වටා පරිභ්‍රමණය වන් ග්‍රහලෝක හඳුනා ගැනීම අපහසු බැවිනි. එහෙත් ත්‍රිත්ව තරු වටා පරිභ්‍රමණය වන ග්‍රහ පද්ධති හඳුනා ගැනීමත් තනි තරු වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක හඳුනා ගැනීම මෙන්ම පහසු බැවින් ඒ සඳහා වැඩි කාලයක් වැය කරන්නේ එමගින් ග්‍රහලොවක් සම්භවය වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට වඩාත් පහසු වන බැවිනි.

%d bloggers like this: