දකුණු කොරියාවේ ජනපතිවරයාට උතුරු කොරියාවේ සංචාරයකට ආරාධනා

AFP/ GETTY IMAGES දකුණු කොරියානු ජනපතිවරයාට ආරාධනයක්

සිය රටෙහි සංචාරයක යෙදෙන මෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන්ට ආරාධනා කළේය.

එවැනි නායක හමුවක් දශකයකට වඩා දිගු කාලයක් තුළ දෙරටෙහි නායකයන් හමුවන පළමු අවස්ථාව විය හැකිය.

“එය සිදුවන තැනට” උතුරු කොරියාව කටයුතු කළ යුතු බව පවසන දකුණු කොරියාවේ ජනාධිපතිවරයා, එක්සත් ජනපදය සමග සාකච්ඡා යළි ආරම්භ කරන මෙන් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළේය.

සෝල් නුවර ජනපති නිල නිවසේදී සිදු වූ ඓතිහාසික හමුවකදී සිය සොහොයුරා විසින් අතින් ලියන ලද ආරාධනා පත්‍රය ජනපති මූන් ජේ-ඉන් වෙත ලබා දෙනු ලැබුවේ උතුරු කොරියානු නායකයාගේ නැගණිය කිම් යෝ-ජොන්ග් විසිනි.

50 දශකයෙන් පසුව වූ ජ්‍යෙෂ්ඨතම නියෝජිත හමුවAFP
50 දශකයෙන් පසුව වූ ජ්‍යෙෂ්ඨතම නියෝජිත හමුව

කිම් යෝ-ජොන්ග් සහ උතුරු කොරියාවේ නාම මාත්‍රික නායක කිම් යොන්ග්-නම් ගේ මෙම චාරිකාව, දෙරට අතර 1950 දශකයේදී ඇති වූ යුද්ධයෙන් පසුව දකුණු කොරියාවට කෙරුණ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය ලෙස සැළකේ.

Be the first to comment on "දකුණු කොරියාවේ ජනපතිවරයාට උතුරු කොරියාවේ සංචාරයකට ආරාධනා"

Leave a Reply

%d bloggers like this: