නවක ග්‍රහකයක් පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවෙයි

අමල් උඩවත්ත

ස්වාභාවික විපත් විශ්වයේ කවර හෝ මොහොතක කවර හෝ ස්ථානයක හෝ සිදුවිය හැකිය. එසේම පෘථිවිය මතද සිදුවිය හැකිය. මිනිසාගේ බල පෑමක් නොවී ස්වාභාවිකව පෘථිවිය මත සිදුවන විපත් රැසක් පිළිබඳව පෘථිවි වැසියන් වන අපට කිසියම් අවබෝධයක් තිබෙන බැව්ද නොරහසකි. ඈත විශ්වයේ සිට පෘථිවිය දෙසට ඇදී එන ග්‍රහක සමග පෘථිවිය ඇතිකර ගන්නාවූ ගැටීමත් හා ග්‍රහකයක් පෘථිවිය මතට කඩා වැටී එමගින් කිසියම් හානියක් පෘථිවියටත් හා ජීවීන්ටත් සිදුවීමත් ස්වාභාවික විපත් ලෙසට ගණන් ගැනේ. මෙවන් ග්‍රහකයක් පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවී ඇත්තේ එමගින් පෘථියට සිදුවන හානිය වළක්වා ගැනීමටත් හා වැඩිදුර අධ්‍යයනයෙන් එහි සැබෑ ස්වභාවය දැන ගැනීමට හැකියාවක් ඇත.
සෑම වසර 6 කට වරක් පෘථිවියේ කක්ෂය හරහා ගමන් කරන, වසර 1999 සැප්තැම්බර් 11 වන දින හඳුනා ගන්නා ලද බේනු (Benu) නම් ග්‍රහකය වසර 2135 දී චන්ද්‍රයා සහ පෘථිවිය අතර මැදින් ගමන් කිරීමට නියමිතය. එබැවින් නාසා විද්‍යාඥයින් එම ග්‍රහකයක් පෘථිවිය සමග ගැටීමත් ඇති කරගනීද?, එසේත් නොවී පෘථිවියට ග්‍රහකයක් කඩා වැටේද ?, යන දෙගිඩියාවෙන් පසුවෙයි. මෙසේ ගමන් කරන අතරවාරයේදී පෘථිවිය සතු ගුරුත්වාකර්ෂණය “බෙනූ” ග්‍රහකයේ කක්ෂයට කවර හෝ බලපෑමක් ඇති කළොත් එමඟින් පෘථිවියට කිසියම් බලපෑමක් ඇතිවී යයි යන සැකය මත නාසා විද්‍යාඥයින් එම ග්‍රහකය පිළිබඳ වැඩිදුර පර්යේෂණ කිරීමට පෙළඹී ඇත.


ඇරිසෝනා සරසවියේ ග්‍රහලෝක පිළිබඳ පර්යේෂණ අංශයේ විද්‍යාඥ මහාචාර්ය ඩෙන්ටේ ලුරේටා පවසන්නේ අතීතයේදී මෙන් මෙම ග්‍රහකය පෘථිවිය සමග කවර හෝ ගැටීමක් ඇතිකර ගැනීමට සම්භාවිතාවක් තිබිය හැකි බවය. නාසා විද්‍යාඥයින් ගණනය කරතිබෙන ආකාරයට මෙම ග්‍රහකයේ විෂ්කම්බය අඩි 1600 ක් හෙවත් මීටර් 492ක් පමණ වන අතර පැයට සැතපුම් 63,000ක වේගයකින් ගමන් කරයි. කිසියම් ආකාරයකින් ග්‍රහකය හා පෘථිවිය ගැටීමක් ඇතිකර ගත හොත් සිදුවිය හැකි විනාශයේ විශාලත්වය හිරොශිමාව විනාශ කළ පරමාණු බෝම්බයේ විශාලත්වය මෙන් 200 ගුණයක් පමණ වන අතර පිපිරීමේ විශාලත්වය ටොන් බිලියන 3 කට වඩා වැඩිවනු ඇත.
බේනූ ග්‍රහකය පිළිබඳ වැඩිදුර අධ්‍යයන කිරීම සඳහා ලබන සැප්තැම්බර් මාසේ “නාසා” ආයතනය විසින් ඔසිරිස් රෙක්ස් (Osiris Rex) නම් යානයක් යැවීමට නියමිතය. මෙහිදී මෙම යානයට හිරු වටා කක්ෂ ගතවී ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා ගැනීමට පෘථිවිය වටා කක්ෂ ගතවී පෘථිවියෙ ගුරුත්වාකර්ෂණ බලය ආධාරයෙන් එනම් “කැටපොල් න්‍යායට” (Gravitational Sling Shot) අනුව වේගය වැඩිකර ගනු ඇත. මෙසේ වැඩිකර ගන්නා වේගය, බේනූ ග්‍රහකයේ කක්ෂයට ලඟාවීමට යානය විසින් ප්‍රයෝජනයට ගනු ඇත.
ඔසිරිස් රෙක්ස් යානයේ සහ ග්‍රහකයේ මෙම හමුවීම වසර 2018 අගෝස්තු මස සිදුවනු ඇත. මෙසේ බේනූ ග්‍රහකයට සමීප වන ඔසිරික්ක්ස් රෙක්ස් යානය වසරක පමණ කාලයක් ග්‍රහකය වටා ගමන් කරමින් ග්‍රහකය මතුපිට සිතියම් ගත කරන අතරම යානය පෘථිවියට පැමිණීමට පෙර ග්‍රහකය අවට ගැවසෙමින් ග්‍රහකය සතුව තිබෙන ගල් බොරළු ආදිය එකතු කර ගැනීමටද නියමිතය. බෙනූ නම් මෙම ග්‍රහකයේ තිබෙන විශේෂත්වය නම් එය කාබනික ග්‍රහක කාණ්ඩයට(Carbonaceous Asteroid) අයත් වීමය. එබැවින් මෙම ග්‍රහකය තුළ අඩංගු කාබනික අංශු පිළිබඳව කරන පර්යේෂණ වලින් අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ මුල් අවධියේ පැවති ස්වභාවය නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇත. එසේම මෙම ග්‍රහකය ඉපැරණි පෘථිවියේ ස්වභාවය පෙන්වන බීජයක් ද යන්න විද්‍යාඥයින්ගේ විශ්වාසයක් පවතින අතර පෘථිවි ජීවය හට ගැනීමට හේතුකාරක වූ ආදි සූපය (Primordial Soup) පිළිබඳව සැඟවුණු තොරතුරු දැන ගැනීමටද විද්‍යාඥයින්ගේ උත්සාහයක පවතී.
ඇරිසෝනා සරසවියේ ග්‍රහලෝක පිළිබඳ පර්යේෂණ අධ්‍යයනාංශයේ මහාචාර්ය බැන්ටේ ලොරීටා ගේ අදහසට අනුව බේනූ ග්‍රහකය, නවක සොයා ගැනීමක් වන “යාකොවොස්කි ආචරණය”( Yarkovosky Effect) හා සම්බන්ධව කරන ගණනය කිරීම් තුළින් ග්‍රහකය සෞරග්‍රහ මණ්ඩලය වටා යන ගමනේදී පෘථිවිය අසළින් ගමන් කරන ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
කෙසේ වෙතත් බේනූ යනු මෙතෙක් හඳුනාගත් ග්‍රහක අතර ඉතාමත් වැදගත් ග්‍රහකයක් බැවින් මෙම ග්‍රහකය හා සම්බන්ධ දත්ත එනම් ග්‍රහකයේ විශාලත්වය ස්කන්ධය සහ රසායනික සංයුතිය යනාදිය පිළිබඳව සොයා බලා අනාගත පරපුරට සංරක්ෂණය කිරීම විද්‍යාඥයින්ගේ වගකීමක් බැව් මහාචාර්ය ලොරීටා පවසයි.
වමේ යැවෙන යානය
(2016 අගෝස්තු 16 සඳු දින මිහිර පත්තරේ 17 පිටුව බලන්න)
සිට දකුණට ව් 01) විද්යාඥ ලොරීටා, 02) රතු කවය තුළින් ග්රහකයේ තිබෙන කාබනික අංශු පෙන්වයි 03) ග්රහකය වෙතට

%d bloggers like this: