ප්‍රොක්සීමා සෙන්චරි තරුව වටා පෘථිවිය වැනි ග්‍රහ ලොවක්

Picture saved with settings applied.

අමල් උඩවත්ත

පෘථිවිය වැනි ග්‍රහලෝක  සෙවීම  ඇරඹුණේ වසර 2009 කෙපලර් අන්තර්  ග්‍රහලෝක   ගවේෂණ යානය  අභ්‍යවකාශ ගත කිරීමත් සමගය.එතැන් සිට මේ දක්වා කෙප්ලර් යානය විසින් කරන ලද විවිධ ගවේෂණවලට අනුව හඳුනාගත් විවිධ දුරස්ථ  ග්‍රහලෝකවල සංඛ්‍යාව 4000 ක් පමණ වෙතැයි  ගනන් බලා ඇත.  මෙයින්  ග්‍රහලෝක  සිය ගණනක්  පෘථිවිය  හා සමානයයි හඳුනාගෙන ඇත. එසේම ග්‍රහලෝක 216 ක් සිය මව් තරුව වටා  පරිභ්‍රමණය  වන්නේ ජීවයක් හට ගැනීමට  සම්භාවිතාවක් තිබෙන කලාපයක යයිද විශ්වාස කරයි.

මෙම සොයා ගැනීම අතර වඩාත් ආකර්ෂණීය සොයා ගැනීම  පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.  එනම් ප්‍රොක්සීමා සෙන්චරි (Proxima Centauri ) නම් තරුව වටා පෘථිවියට හා සමානවූ ග්‍රහලොවක් පරිභ්‍රමණය වන බවයි.. සෙන්ටෝරස් තාරකා රාශියේ පිහිටි ප්‍රොක්සීමා සෙන්චරි යනු ස්කන්ධයෙන් අඩු (low Mass)  රතු වාමන තරුවක්  (Red Dwarf Star)  වන අතර එය හිරුගෙන් ආලෝක වර්ෂ 4.25 ක් දුරින් පිහිටා ඇත. මෙහි දෘශ්‍ය දීප්ති විශාලත්වය 11.05 කි. වර්ණාවලී පන්තියට අනුව K5  වර්ගයට අයත්වෙයි. පෘථිවියේ සිට ආලෝක  වර්ෂ 0.12 ක් දුරින් පිහිටා ඇති බැවින් පෘථිවියටද වඩාත් සමීප තරුවක් ලෙස හැඳින්වෙයි. මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 3.042 ක් වන අතර තරුවේ අරය  කිලෝ මීටර් 100,900 ක් ද ස්කන්ධය 2.449 X 1029 වෙයි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 15.49 කි.

ඈත අතීතයේ පටන් විද්‍යාඥයින් ගේ දැඩි අවධානයට ලක්වූයේ   ප්‍රොක්සීමා සෙන්චරි තරුව, පසුව ද්විත්ව තරුවක් ලෙසට නිවැරදිව හඳුනාගත් ඇල්ෆා සෙන්චරි තරුවට (Alpha Centauri) අයත් තුන්වැනි තරුවක් ලෙසටය. ඒ වනතෙක් ඇල්ෆා සෙන්චරි තරුව හඳුනාගෙන තිබුණේ ත්‍රිත්ව තරුවක් (Triple Star) ලෙසටය. හිරුට පෘථිවිය පිහිටන දුරට හා සමානවූ දුරකින් කක්ෂ ගතවී   ප්‍රොක්සිමා සෙන්චරි තරුව වටා පරිභ්‍රමණය වන මෙම ග්‍රහලොවේ මතුපිට ද්‍රව  ජලය තිබීමට හැකියාවක් ඇතැයි විද්‍යාඥයින් විශ්වාසයක් පවතී.

මෙම දත්ත සහ තොරතුරු මෙසේම තහවුරු වන්නේ නම් ග්‍රහලොවක ජීවයක් හට ගැනීම  පිළිබඳව  මේ දක්වා භාවිත කරන න්‍යායන්ගේ කිසියම් වෙනසක් සිදුවිය හැකිය යන්න පිළිබඳව අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. මෙයට හේතු කීපයක් ඇත. ඉන් පළමුවැන්න පෘථිවිය හා සමාන ජීවයක්  පවතින්නේ නම් ඒ සඳහා වන සාධක වලට අනුව  ප්‍රොක්සීමා සෙන්චරි නම්  මව් තරුව අඩු ස්කන්ධයකින් යුක්තවිය හැකිද?, හේතුව  පෘථිවියේ මව් තරුව වන හිරු G2 වාමන තරුවක් (G2 Dwarf Star) වීම හා එහි ස්කන්ධය කිලෝ ග්‍රෑම් 1.9891X1030 ක් වීම සහ එම ස්කන්ධය පෘථිවියේ මෙන් 332,900 ක ගුණයක් වීම. හිරුත් පෘථිවියත් අතර තිබෙන දුර කිලෝ1.496 X 108 ක් වීම. හිරුගේ මතුපිට මධ්‍යන්‍ය උෂ්ණත්වය කෙල්වින් අංශක 5,800 ක් වීම හා ප්‍රොක්සීමා සෙන්චරි තරුවේ මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 3.042 ක් වීම අතර පරාසය පිළිබඳවද විමසීමක්  කළ යුතුය.  කවර හෝ ආකාරයකින් මෙම නොහඳුනන ග්‍රහලොව පෘථිවිය හා සමාන යයි තහවුරු වූවොත් එහි ජීවයක් පවතීද නැද්ද යන්න පිළිබඳවද සාර්ථක පර්යේෂණ රැසක් කළ යුතුව ඇත.

කැප්ෂන්

01 වසර 2012 දී හබ්ල් දුරේක්ෂය මගින් ගත් ප්‍රොක්සිමා සෙන්චරි තරුවේ සත්‍ය ඡායාරූපයක්

02 වසර 2012 ඔක්තෝබර්  17 වන දින යුරෝපියානු දක්ෂිණ නිරීක්ෂණාගාරයෙන් ගත් ප්‍රොක්සිමා සෙන්චරි තරුව සහ ඒ වටා පරිභ්‍රමණයවන  නවක ග්‍රහලොවේ (වම් පස පහළ) ඡායාරූපයක්

%d bloggers like this: