පුන් සඳේ අසිරිය දකිමු

අමල් උඩවත්ත

කුඩා කල සිටම අපි අපේ ජිවිත කාලය තුළ සෑම මසකට වරක්  උදාවෙන පසළොස්වක දින රාත්‍රීයේ පුන් සඳක් දකින්නෙමු. අපි දකින පුන්සඳ මතුපිට හෙවත් අපට පෙනෙන පෙදෙසේ  සාවෙකුගේ රූපයට හා සමාන වූ සළකුණු දක්නට ලැබේ. ඔබ මේ සළකුණු මොනවාදැයි. සොයා බැලුවාද?. මෙම සළකුණු අතර තද අඳුරු පෙදෙස් මෙන්ම මද අඳුරු පෙදෙස්ද දක්නට ලැබෙන අතර වඩාත් දීප්තිමත් පෙදෙස්ද දක්නට ලැබේ. එසේම විවිධ ප්‍රමාණවල විශාලත්වයෙන් හා ගැඹුරින් විවිධවූ ආවාට රාශියක් සඳ මතිපිට දක්ණට ලැබේ. මෙයින් තද අඳුරු පෙදෙස් එසේ නැත්නම් වඩාත් අඳුරු පෙදෙස් මාරියා යනුවෙන් හැඳින්වෙයි.  මාරියා (Marea) යනු ලතින් භාෂාවෙන් මුහුදු යන අරුත ගෙන දෙන්නකි. මෙම මාරියා  බැසෝල්ට් පාෂාණ වලින් යුක්තවෙයි.  මද අඳුරු පෙදෙස්   වඩාත් උස්බිම් වලට අයත්වෙයි. මේ අතර වඩාත් දීප්තිමත් වන පෙදෙස් තැනිතලා සහිත වෙයි.

පුන් සඳක් තිබෙන දිනක අපට පෙනෙන කොටසේ තිබෙන සළකුණු පිළිබඳව සොයා බලමු. සඳේ උතුරු අර්ධගෝලයේ(North Hemisphere)  ශීත මුහුද (Mare cloud), ප්ලේටෝ ආවාටය(Plato crater) වැහි මුහුද(Mare Imbrium),කොපර්නිකස් ආවාටය ( Copernicus crater), සඳේ බටහිර අර්ධගෝලය(Weast Hemisphere) , කුණාටු සාගරය (Oceanus Procellarum), පිණි මුහුද (Mare Humorum), වලාකුළු මුහුද(Mare Nubium), ටීකෝ ආවාටය(Tyco crater), සඳේ දකුණු අර්ධගෝලය(Southern Hemisphere, වාෂ්ප මුහුද(Mare Vaporum)පැණි මුහුද(Mare Nectaris), සරු මුහුද(Mare Foecunditatis),  සඳේ නැගෙනහිර අර්ධ ගෝලය(Eastern Hemisphere), අර්භූද මුහුද(Mare Crisium), ශාන්ති මුහුද( Mare Tranquillitatis) පසන් මුහුද (Mare Serenitatis) සහ එම් ජැක්සන්ගේ ආවාටය (M. Jackson’s Crater) (මෙය පසු කලෙක නම් කළ ආවාටයකි.) යනාදී වශයෙන් පැරැන්ණෝ  නම් කර ඇත. පුන් සඳක් පායා ඇති දිනක  මෙම අඳුරු පෙදෙස් පිළිබඳව  පියවි ඇසින් බලා අවබෝධයක් ලබාගැනීමට උත්සාහ ගන්න. එවිට ඔබට සාවෙකුගේ හැඩ රුවට හා සමාන සේයාවක් පෙන්නුම් කිරීමට හේතුව මෙම ආවාට සහ මුහුදු සැකසී ඇති ආකාරය බැව් වැටහී යනු ඇත.

 

%d bloggers like this: