රනිල් තවදුරටත් අගමැති’ එජාප තීරණය කරයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ තවදුරටත් ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සැදී පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ගොස් සිටිති.

පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ දී පැවැත්වෙන එම හමුවට අදාළ අමාත්‍යවරුන් පිරිස පැමිණියේ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරනු ඇතැයි යන්න එහිදී තීරණය කෙරුණු අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින අනෙකුත් පක්ෂවල ද එකඟතාව පළවූ බව අදාළ සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

එම තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන්නේ නම්, එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයාට දන්වන බව ඔහු සඳහන් කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ක්‍රියාකරන ආණ්ඩුවක තවදුරටත් නොරැඳෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කර තිබිණි.

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "රනිල් තවදුරටත් අගමැති’ එජාප තීරණය කරයි"

Leave a Reply

%d bloggers like this: