වටිනා ඉතිහාසයක් සඟවාගත් මුහුදු මහා විහාරය

අමල් උඩවත්ත—

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙන්ම සිංහල රාජාවලියේ  නොමැකෙන සටහනක් තැබූ රාජ පරපුරක්  ලෙස කාවන්තිස්ස  විහාරමහා දේවී රාජ පරපුර හැඳින්විය හැක. අම්පාර දිස්ත්‍රිකයට  අයත් ශාස්ත්‍රවෙල  මණිනාග පබ්බත බෝධිගිරි විහාරය අසළ  පිහිටි කල්‍යාණි නදී නම්  එකල ප්‍රමාණයෙන් විශාල ගංගාවකින්  හදිසියේ හටගත්  මුහුද ගොඩ  ගැලීමකින් රටත් ජනතාවත් බේරා ගැනීමේ උදාර අරමුණින් මුහුදට බිළිවූ දේවී නම් කුමාරිකාවක්  වර්තමානයේ කෝමාරිය යන නමින් හඳුන්වන ස්ථානයට ගොඩබැසීමෙන් පසු මෙම ස්ථානය ඓතිහාසික ස්ථානයක් බවට පමණක් නොව  පූජනීය ස්ථානයක් බවට පත්විය. අදත් මෙම ස්ථානයේ පිහිටි ගලක කොටන ලද සෙල් ලිපියකින් ඒ බැව් පැහැදිලි කරයි. ක්‍රිස්තු පූර්ව 2 සියවසේ මහ දාඨික මහානාග තොට්ටලක විහාරය යනුවෙන් හැඳින්වුණු විහාරයක් සොරොව්තොට නම්වූ මෙම  ස්ථානයේ ඉඳිකර ඇත. අතීත පුරා වෘත වලට අනුව විහාර මහාදේවිය ගොඩ බහින්නෙ මේ ස්ථානයටය . එකල මෙම ස්ථානයේ තොටලුතොට යන නමින් හැඳින්වූ වරායක් තිබී ඇත. විහාරය තිබුණු තැනට ගොඩ බැස්ස හෙයින් විහාර කියන කොටසත්, රාජ වංශය නිසා මහා කියන කොටසත් හා දේවිය කියන කොටස කුමරියක් නිසාත් යන ආකාරයට එකතුවී මෙම කුමරියට විහාර මහා දේවිය යන නම පටඹැඳිණි. අදත් මෙහි තිබෙන පැරණි විහාරයේ පිළිම තුනක් දක්නට ලැබේ.  ජන ප්‍රවාදයට අනුව මෙම  පිළිමතුන විහාර මහා දේවියත් ,කාවන්තිස්ස රජතුමාත් සහ රහතන් වහන්සේත් බැහැ දැකීම සිහිවීමට  කළ නිර්මාණයක් ලෙස මතයක් පවතී. පුරා විද්‍යාවට අනුව මෙම පිළිම තුන අවලෝකේෂ්වර බුද්ධ ප්‍රතිමා තුනක් ලෙස හැඳින්වෙයි,

කෝමාරි වෙරළට දේවියගේ ගොඩබැසීම දූටු ධීවරයෝ රාජ පුරුෂයන්ට යාත්‍රාවකින් කුමාරිකාවක් ගොඩ බැස සිටින බැව් දැනුම් දී ඇත. රාජ පුරුෂයෝ රජතුමාට දැනුම් දී ඇත. ඒ අවස්ථාවේදී රජතුමා ගිහින් බලන්න යයි රාජ පුරුෂයන්ට අණ කළ හෙයින් රාජ පුරුෂයෝ කුමරිය සොයා පැමිණ ධීවරයින් ගෙන්  කෝ කුමරිය  කෝ කුමරිය කියා ඇසූ හෙයින් මේ ස්ථානය කෝමාරිය නම් විය. ඉන් පසු ධීවරයින් අත දිගු කර අර ගමේ  බොක්කෙ කියා පෙන්වූ හෙයින් එම මුහුදු බොකු ප්‍රදේශය ආරුගම් බොක්ක නම් වි පසුව ආරුගම්බෙ විය. මේ ස්ථානය වටා තිබෙන ගම්වල නම් වලින් පවා වටිනා ඉතිහාසයක් පෙන්වා දෙයි. ජ්‍යෝතිශයට දක්ෂ ශාත්‍රඥයින්  වාසය කළ ගම නැතහොත්  හඳහන් බලපු ගම ශාස්ත්‍රවෙල නම් විය. අද මෙම ප්‍රදේශය රටට බත සපයන සරුසාර වෙල්යායකි. මෙම ප්‍රදේශයේ මණිනාග පබ්බත බෝධිගිරි විහාරය පිහිටා ඇත.  විහාර මහාදේවියසහ කාවන්තිස්ස රජතුමා විවාහ ගිවිස ගත් ස්ථානයේ  මගුල් මහා විහාරය පිහිටා ඇත. සද්ධාතිස්ස කුමාරයා ඌව වෙල්ලස්ස කුඹුරු අස්වද්දන ආකාරය බලන්නට පැමිණි  ගැමුණු කුමරා  අසළ තිබුණු කඳු ගැටයක් මතට නැග අස්වැද්දූ කුඹුරු පිහිටි ප්‍රදේශය දෙස බලා දැන් ඇති මලේ  යයි කියූ හෙයින් එම ප්‍රදේශය ඇතිමලේ නම් විය.

වටිනා ඉතිහාසයක් සඟවගත් මුහුදු මහා විහාරය

ජෛව විවිධත්වය  පරිසරය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පොතුවිල් නගරයෙන්  මීටර් 750 ක් පමණ දකුණු දෙසින්  උතුරු අක්ෂාංශ අංශක 6 කලා 52 විකලා 3.86 ක් සහ  නැගෙනහිර දේශාංශ අංශක 81 කලා 50 විකලා 22.75 ත් අතර පිහිටි ප්‍රමාණයෙන් විශාල වැලිකඳු මැද  ඓතිහාසික  මුහුදු මහා විහාරයපිහිටා ඇත. මෙම වැලි කඳු ආශ්‍රිත  ජෛව විවිධත්වය පිළිබඳව විමසීමේදී   විශේෂයෙන් ශාක විවිධත්වය  පිළිබඳව විමසීමේදී  එහි ශාක  ස්ථර තුනකට අයත් බැව් පෙනීයයි.  ඒ අනුව වැලි වැටියේ සමතල ප්‍රදේශය, වැලි වැටියේ ආනත ප්‍රදේශය සහ වැලි වැටියේ මුදුනත ප්‍රදේශය යන කොටස් තුනට වෙන්වූ ශාක ව්‍යාප්තියක් දක්නට ලැබේ.

ඒ අනුව වැලිවැටියේ  සමතල ප්‍රදේශයේ  මහා රාවනා රැවුල(Spinifrx littoreus),  මූදු ගැට  කොළ (Hydrophylax maritima), මූදු බින්තඹුරු (Ipomoea pes-caprae), බින්දදැකිරිය(Euphotrbia thymifolia) ඇත්තිරිපලා(Gisekia pharnaceoides) යනාදි  කුඩා පඳුරු ශාක විශේෂ රැසක්  දක්නට ලැබේ. වැලි වැටියේ බෑවුම් ප්‍රදේශයේ හෙවත් ආනත ප්‍රදේශයේ වරා (Calotropis gigantia), හීන් තක්කඩා (Scaevola plumieri),මහා රාවනා රැවුල(Spinifrxlittoreus),  මූදු ගැට  කොළ(Hydrophylax maritima), මූදු බින්තඹුරු(Ipomoea pes-caprae), බින්දදැකිරිය (Euphotrbia thymifolia)  වැනි ශාක විශේෂ  රැසක්  හමුවෙයි.

වැලි වැටියේ මුදුනත ප්‍රදේශයේ  මයිල(Bauhinia racemosa),  මලිත්තන් (Salvardora persica), පලු(Manilkara hexandra), නෙරළු (Cassine glauca), පානක්කා (Pleurostylia opposita),  කොහොඹ(Azadirachta indica),  කිරි කෝන්(Walsura trifoliolata), සුදු වෙල්ලන්ගිරිය(Capparis zelanica), ලුණු වරන(Crateva adanosnii) පාවට්ටා(Pavetta indica) හීරැස්ස(Cassia quadrangularis),  පුරුක් (Asystasia gangetica) සුදු පුරුක් (Justicia betonica) , හාතාවාරිය(Asparagas racemosua), නියඳ(Sensevieria zelanica) මහ රතඹලා (Ixora pavetta) යන ශාක විශේෂ හැරුණු කොට  ගඳපාන (Lantana camara  පොඩිසිඤ්ඤෝමරන් (Eupatorium odoratum) යන ආක්‍රමනික ශාක ද බහුලව  පැතිරී තිබේ. මෙම වැලි කඳු ආශ්‍රිතව වැවෙන  ශාක විශේෂ සියල්ල තුළින් දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණය වන්නේ  මහ සයුරෙන්   ගොඩ බිම දෙසට හමන වේගවත් සුළං ධාරාවට ඔරොත්තු දීමේ හැකියාවක් තිබීමය.  එසේම  මෙම ශාක විශේෂ   වැලිකඳු මතින් ඇදීයන සුළඟින් වැලි කඳු ක්ෂයවී යාමෙන්  ආරක්ෂා   කිරීමද විශේෂත්වයකි.

සමස්ථයක් ලෙස ගත් කල පොතුවිල් පානම සහ කෝමාරි යන ප්‍රදේශ ආශ්‍රිතව  ඉහත සඳහන් කළ ශාක විශේෂ වලට අමතරව පුපුල(Vernonia zelanica) ,  කෝවක්කා (Coccinia grandis) , හිඟුරු වැල්(Acacia caesia),  රනවරා( Cassia auriculata),තුඹ (Leucas zelanika),  මහ ඇපල(Hibiscus vitifolius), දෙමට(Gmelina asiatica), පලු(Manilkara hexandra), කිරි කෝන්(Walsura trifolilolata) හීන් එරමිනිය(Zizipus oenoplia) කටුපිල(Flueggeaද), කළු වැරණිය(Caesalpinia bonduc), දඹු(Lepisenthes tetraphylla) මහ මිදි(Permna obtusifolia)  නික(Vitex negundo), කළු වවුලටිය(Caesalpinia bonduc) , අහු (Morinda coreia), සූරිය(Thespesia populnea), මල් කෑර(Ochna obtusata) සහ  එළ නෙටුල් (Plumbago zeylanica) යන ශාක රැසක් හමුවෙයි. මෙම වැලි කඳු ආශ්‍රිතව වැවෙන  ශාක විශේෂ සියල්ල තුළින් දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණය වන්නේ  මහ සයුරෙන්  ගොඩ බිම දෙසට හමන වේගවත් සුළං ධාරාවට ඔරොත්තු දීමේ හැකියාවක් තිබීමය.  එසේම  මෙම ශාක විශේෂ   වැලිකඳු මතින් ඇදීයන සුළඟින් වැලි කඳු ක්ෂයවී යාමෙන්  ආරක්ෂා   කිරීමද විශේෂත්වයකි.

සත්ත්ව ප්‍රජාව

වියළි කලාපීය  දේශගුණික රටාවක්  පවතින  පොතුවිල් පානම සහ කෝමාරි ප්‍රදේශයේ  සත්ත්ව විශේෂ 378 ක් පමණ වෙසෙන බැව්  අනාවරණය විඇත. මෙයින් විශේෂ 34 ක් ක්ෂීරපායින්ට අයත් වීම  විශේෂත්වයකි. නිරතුරුවම සැරි සරණ ක්ෂීර පායි සත්ත්ව විශේෂ අතර  අලියා (Eliphas maximus),  රිලවා(Macaca sinica), දඬුලේනා (Ratufa macroura),  අළු මුගටියා(Herpestes edwardsii), හෝතඹුවා (Herpestes brachyurus) ,කබල්ලෑවා (Manis crassicaudata), කැලෑ බළලා (Felis chauskelrati), වලහා (Melurus ursinus),  දිය බල්ලා(Lutra lutra), බොර මුගටිය(Herpestesv brachyurus),කොළ දිවිය(Prionailurus rubiginosus), හඳුන් දිවිය(Prionailurus veverrinus), කැලෑ බළලා(Felis chaus) සහ  ලේනා (Funambulus palmarum) යන සත්ත්ව විශේෂ මුල්තැනක් ගනී.

පක්ෂි විශේෂ 29ක් පමණ වර්තාවෙන අතරට  ශ්‍රී ලංකා හබන් කුකුලා(Galoperdix bicalcarata), වළි කුකුලා(Gallus lafayetii) මොනරා(Pavo cristatus), රත් කෑරලා(Dinopium pasrodes) හිස කළු කොණ්ඩයා(Pycnonotus melanurus),  රත් මුහුනත් කොට්ටෝරුවා(Megalaima rubricappila),  බොරග දෙමලිච්චා(Pellorneum fuscocapillum), දෑ දෙමලිච්චා (Pomatorhinus melanurus), මාංශ භක්ෂක පක්ෂීන්tetraphylla) මහ මිදි(Permna obtusifolia)  නික(Vitex negundo), කළු වවුලටිය(Caesalpinia bonduc) , අහු (Morinda coreia), සූරිය(Thespesia populnea), මල් කෑර(Ochna obtusata) සහ  එළ නෙටුල් (Plumbago zeylanica) යන ශාක රැසක් හමුවෙයි.

වියළි පරිසරයක් වුවත්  එම පරිසර පද්ධතිය ආශ්‍රිතව වෙසෙන උරග විශේෂ අතර තොල විසිතුරු කටුස්සා(Calotes ceylonensis),  වැලි කටුස්සා (Sitana bahiri)  මහ ගල් හූනා(Calodactylodes illingworthorum),පිඹුරු හූනා(Hemidactyles pieresii),  පුංචි ගල් හූනා(Cnemasois podihuna) වැනි විශේෂ අයත් වෙයි.

 අහිතකර මිනිස් ක්‍රියාකාරකම්

කෙසේ වෙතත් පුරා විද්‍යාත්මක මෙන්ම අධ්‍යාපනික වශයෙන්ද ඉහළ වටිනා කමකින් යුත්  මෙම පූජණීය භූමිය සතු වටිනා ජෛව විවිධත්වය  අනාදිමත් කාලයක සිට සොබා දහම මගින් රැක ගනු ලැබුවත්  මැත කාල සීමාවක සිට සිදුවන්නාවූ  අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන  විවිධ පරිසර හානිකර ක්‍රියා වළක්වා ගැනීමේ අරමුණින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ වෙරළ කලාපිය ප්‍රතිස්ථාපන සහ තිරසාර කළමනාකරණ ව්‍යාපෘතිය මගින්  කර තිබෙන සාර්තක සංරක්ෂණ ක්‍රමවේද පසුගියදා අප  එහි කළ සංචාරයේදී දැකගත හැකිවිය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වගාකළ කැෂුවරිනා ශාක

විශේෂයෙන්  මෙම ව්‍යාපෘථිය මගින්  වැලි කඳු වල සුළඟින් සිදුවන  ඛාදනය වැලැක්වීමේ අරමුණින්  කැෂුවරිනා ශාක වගාවක්  ව්‍යාප්ත කර තිබෙන ආකාරයක් එහි සංචාරය කළ අපට දැකගත හැකිවිය. මෙම ව්‍යාපෘතිය මගින් කළ සමීක්ෂණ වලට අනුව කැෂුවරිනා ශාක විශේෂය වැලි කඳු ඛාදනය වැළැක්වීමට  උරදෙන බාධකයක්  ලෙස  ක්‍රියා කළත් වඩාත් උසකට අතුපතර විහිදෙමින් සරුවට  වැඩෙන බැවින් කැෂුවරිනා ශාක  නිසා  පොළොවට වැටන හිරු රැස්වල පාලනයක් නිතැතින්ම සිදුවේ. අඩු ජලධාරිතාවක් තිබියදී දැඩි හිරුරැස් ධාරවලට ඔරොත්තු දෙමින් අහාර නිපදවීමෙ ක්‍රියාවලිය  නිසි ලෙස සිදු කර ගැනීමට හැකියාවක් තිබෙන බැවින් දේශීය  ඖෂධීය ශාක සහ පැළෑටි   වල සරු ගහනයක් මෙම පරිසර පද්ධතියේ  වසර පුරාම දක්නට  ලැබේ.

එහෙත් මෙම නව ව්‍යාපෘථිය යටතේ  කළ කැෂුවරිනා  ශාක වගාව නිසා  වැලි කඳු මතට ලැබෙන හිරු රැස් කිසියම්  පාලනයකට ලක්වෙයි. එසේම  වියළී වැටෙන කැෂුවරිනා ශාක  පත්‍ර කල් ගත වුවත් දිරාපත් වීමකට ලක්නොවි පස මතුපිට  පැතිරීම දේශීය ශාක සහ පැළෑටි වල  යටි වගාවක්  හට ගැනීමට බාධාවක් වෙයි. එබැවින් මෙම පරිසර  පද්ධතිය ආශ්‍රිතව වැවෙන දේශීය ඖෂධීය ශාකවල ව්‍යාප්තියට මෙම කැෂුවරිනා ශාක වගාව ප්‍රබල බාධකයක් වීම වැළැක්විය නොහැකිය. එය කල් ගතවීමත් සමගම මෙම පරිසර පද්ධතියෙන්  දේශීය ශාක සහ පැළෑටි විශේෂ  වඳවී යාමට  හේතුවක් වනු ඇත. එබැවින් මතු දිනයකදී හෝ   කැෂුවරිනා ශාක වගාවෙන්  මෙම වැලිකඳු ආශ්‍රිත පරිසර පද්ධතියට සිදුවන හානිය වළක්වා ගැනීමට  කටයුතු කරන්නාසේම  කැෂුවරිනා ශාක වගාව නිසා  වෙරළබඩ පරිසරයේ වැවෙන ඖෂධීය ගුණයෙන් යුත් දේශීය ශාක සහ පැළෑටි   වඳවී යාම වැළක්වීමටත් හා සංරක්ෂණය කිරිම සඳහාත්  කිසියම් යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙයි. එසේ නොවුනහොත්  මෙරටට සුවිශේෂීවූ  වැලිකඳු සහිත දර්ශණීය පරිසර පද්ධතියකට ආවේනිකවූ  ශාක සහ සත්ත්ව විශේෂ ගණනාවකින් යුත්  වටිනා ජෛව විවිධත්වයක් විදෙස් ශාක විශේෂයක වගාවක් නිසා සිදුවන විනාශය වැළැක්විය නොහැකිවනු ඇත.

විශේෂ ස්තූතිය

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති ,අධ්‍යක්ෂ  ගමිණී හේවගේ  යන මහත්වරුන්ට සහ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ සංවර්ධන නිළධාරීනී (මාධ්‍ය) නිරෝශි දොඹගහගේ මහත්මියට.

%d bloggers like this: