ශ්‍රී ලංකාව අවට මුහුදෙන් මුහුදු ඌරා සදහටම වඳ වෙයිද

OLYMPUS DIGITAL CAMERA

 

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන මුහුදු ක්ෂීරපායී සත්ත්ව විශේෂ අතරින්  වඩාත්ම තර්ජනයට ලක්වූ  ක්ෂීර පායී සත්ත්ව විශේෂයක් ලෙසට මුහුදු ඌරන් හැඳින්විය හැක. Dugong dugong යන විද්‍යාත්මක නමින් හඳුන්වන මුහුදු ඌරා සිරේනියා ගෝත්‍රයට අයත්වෙයි. Dugong   යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන   අතර Lady of the Sea හෙවත්  සාගරයේ කාන්තාව යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වයි.

ලංකාවේ වයඹ හා උතුරු මුහුදු තීර ආශ්‍රිතවත් හා  මන්නාරම් බොක්‌ක හා පෝක්‌ සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ඉන්දියන් සාගරයේ  මුහුදු තෘණ බහුලව  වැවෙන සාගර පරිසරයේ මුහුදු ඌරන් බහුලව කරයි. වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතට අනුව ආරක්ෂා කළයුතු සත්ත්වයකු ලෙස නම් කළත්,දැල්වලට පැටලීම මෙන්ම නීති විරෝධී ඩයිනමයිට්‌ පිපිරවීම වැනි අවිධිමත් ධීවර  පන්න ක්‍රම  නිසා මුහුදු ඌරන්ගේ මියයාම නිරතුරුවම සිදුවේ. මරා මස්කර විකිණීම නිසාත්  මුහුදු ඌරන් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත.

ඉහත සඳහන් හේතු අනුව අන්තර්ජාතික රතු දත්ත පොතට අනුව වඳවීයාමේ අවදානමට (Vulnerable) ලක්වී ඇති සත්ත්ව විශේෂයක් වුවත් ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ  වෙසෙන  මුහුදු ඌරන් වඳ වී යැමේ දැඩි තර්ජනයට (Critically Endangered) ලක්‌ වූ  සත්ත්ව විශේෂයක් ලෙසට ලෙස හැඳින්විය හැක.

අමල් උඩවත්ත

%d bloggers like this: