සෙරස් වාමන ග්‍රහලොවෙ අබිරහස විසඳෙයි.

–අමල්උඩවත්ත–

ග්‍රහ ලෝක පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් ගේ (Planatary Scientist) වඩාත් අවධානයකට ලක්වූ  වාමන ග්‍රහ ලොවක් (Dwarf Planet)වන  සෙරස් (Ceres)  හා සම්බන්ධව කළ පර්යේෂණ වලින්  එහි මතුපිට තිබෙන සුදු පැහැති ලපයේ රහස කුමක් දැයි  හෙළිදරව් කර ගැනීමට  හැකිවී  ඇත. වසර 2002 දී කෙක් දුරේක්ෂයෙන්  පෘථිවිය මත සිට ගත් අධෝරක්ත කිරණ  ඡායාරූප පරික්ෂාවට ලක් කිරීමෙන්  සෙරස් වාමන ග්‍රහලොව මත තිබෙන මෙම හුදකලා සුදු ලපය හඳුනා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවිය..

වසර 2005 දී හබ්ල් දුරේක්ෂය ආධාරයෙනුත් ගත් ඡායාරූප වලින් පෙන්නුම් කරන මෙම සුදු ලපයේ දීප්තිමත් ස්වභාවය පිළිබඳව විද්‍යාඥයින් විමතියක් පළකරයි. එසේම නාසා ආයතනය විසින්  යවන ලද ඩ්වෝන් අභ්‍යවකාශ යානයට (Dwan Spacecraft) වසර 2015 අගෝස්තු මස  වටිනා තොරතුරු රැසක් අනා වරණය කර ගැනීමට හැකිවිය. ඒ අනුව මෙම දීප්තිමත් සුදු ලපය  ඉතාමත් සියුම් දීප්තිමත් කුඩා ලප 130 කින් පමණ සමන්විත බැව් යානය විසින් ගන්නා ලද ඡයාරූප අනාවරණය කරගෙන ඇත.

මෙම ලප බහුතරය  සෙරස් මත තිබෙන ආවාට  මත පිහිටා තිබෙන අතර තිබෙන සුදු ලප වලින් විශාලම ලපය කිලෝ මීටර් 90 ක් පමණ පුළුල් බැව් හඳුනා ගෙන ඇත.

මෙම සුදු ලපය පිහිටි ආවාටය ඔකාටර්(Ocater) යනුවෙන් නම් කර ඇත. මෙසේ සුදු ලපයක් හට ගැනීමට හේතුව  කොමක්දැයි විමසූ විද්‍යාඥයින්  මෙම ලපය හට ගැනීමට  ජලය සහිත හිම (Water Ice), යකඩ (Iron-depleted) ඛණිජ සහිත මැටි (Clay minerals) සහ ලවණ (salt deposits). වර්ගයක් විය හැකි යයි අනුමාන කරයි.  මෙම ඔකාටර් ආවාටය හා සම්බ්න්ධව ගත් ඡායාරූප  විශ්ලේෂණය කිරීමෙන්  පසු මෙම ආවාටයට වයස වසර මිලියන 78 ක් පමණ වන බැව් අනාවරණය වී ඇත. එසේම මෙම ආවාටයේ පතුලේ තිබෙන ලවණ තැන්පතු දැඩි සූර්යා ලෝකය නිසා  ඌර්ධවපාතනයකට (Sublimation)  හෙවත් ද්‍රව නොවී වාෂ්ප වීමකට ලක් වීමත් මෙම ලවණ වාෂ්ප දූවිලි අංශු සමග එක්වී මතුපිට රැඳී තිබීම  දීප්තිමත් සුදු පැහැයට හේතුව බැව්  විද්‍යාඥයින් පෙන්වා දෙයි. වෙනත් වාමන ග්‍රහලෝක වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා සෙරස්  හිම පිරිණු ප්‍රාවරණයක් (Mental), පාෂාණමය  හරයක් (Rocky Core) සහිත වන අතර අභ්‍යන්තරයේ ද්‍රව ජලය සහිත සාගර ඇතැයි විශ්වාස කෙරෙයි. එසේනම්  සෙරස් මතුපිට හෝ අභ්‍යන්තරයේ කවර ආකාරයක හෝ ජීවයක් තිබිය හැකිද

වසර 1801 ජනවාරි මස 01 දින ගියුසෙප් පියාසි නම් තාරකා විද්‍යාඥයා විසින් හඳුනා ගන්නා ලද මෙම  වාමන ග්‍රහලොව තාරකා විද්‍යා නම කරණයට අනුව A889OF:1943 XB  යනුවෙන් හැඳින්වෙයි. හිරුවටා ඉලිප්සාකාර ගමන් පතයක (Eliptical Orbit) සැරිසරන මෙම වාමන ග්‍රහලොව හිරුගෙන් වඩාත් දුරින් පිහිටි විට  හෙවත් සූර්ය දූරකයේදී (Aphelion) කිලෝ මීටර් 445,410,000 ක් හෙවත් නක්ෂත්‍ර ඒකක 2.9773 කින් පිහිටයි. එසේම සූර්ය සමීපකයේදී (Perihelion)  හෙවත් හිරුට වඩාත් සමීපව පිහිටීමේදී  කිලෝ මීටර් මිලියන 382,629,000ක් හෙවත් නක්ෂත්‍ර ඒකක 2.5577 ක් දුරින් පිහිටයි. හිරු  වටා යන ගමනේදී අනුගමනය කරන ඉලිප්සාකාර ගමන් පථයේ අඩ මහා අක්ෂය (Semi-major axis)  කිලෝ මීටර් 414.010,000 ක් හෙවත්  නක්ෂත්‍ර ඒකක 2.7675 ක් වන අතර විකේන්ද්‍රිකතාව (Eccentricity)  0.075823 ක් වෙයි.  හිරු වටා යාමට ගතවන කාලය   පෘථිවි වසර 4.60 ක් හෙවත් පෘථිවි දින 1,681.63 කි. මධ්‍යන්‍ය  කක්ෂීය ප්‍රවේගය  තත්පරයට කිලෝ මීටර් 17.905 කි. හරස් කඩේ විශාලත්වය 965.2 X 961.2 කි. මධ්‍යන්‍ය අරය කිලෝ මීටර් 473 ක්  වන අතර මතුපිට වර්ග ඵලය  වර්ග කිලෝ මීටර් 2,770.000 කි. පරිමාව කිලෝ මීටර් 421,000,000 කි. ස්කන්ධය 9.393 X 1020 කි. මෙම ස්කන්ධය පෘථිවිය සමග සැසඳු විට පෘථිවියේ ස්කන්ධයෙන් 0.00015 ක් වන අතර චන්ද්‍රයාගේ ස්කන්ධය සමග සැසඳූ විට   චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් 0.0128 කි. දෘශ්‍ය දීප්ති විශාලත්වය (Apparent magnitude) 6.64 ත් 6.34ත් අතර ප්‍රමානයකි නිරපේක්ෂ දීප්ති විශාලත්වය(Absolute magnitude) 3.36 කි  ප්‍රමාණයෙන් විශාලවූ මෙම වාමන ග්‍රහලොව අඟහරු සහ බ්‍රහස්පතී යන ග්‍රහ ලෝක දෙක අතර තිබී හඳුනාගත් මෙම වාමන ග්‍රහලොව නෙප්චූන් ග්‍රහලොව අතර පිහිටි කක්ෂයක ගමන් කරයි. මෙහි විශාලත්ව පරිමාව අනුව සෞර ග්‍රහ මණ්ඩලයේ  තිබෙන වස්තු අතරින් විශාලත්වයෙන්  33 වැනි තැන ගන්නා වස්තුවක් ලෙසට සෙරස් වාමන ග්‍රහලොව හඳුනා ගෙන ඇත.

%d bloggers like this: