හයිඩ්‍රජන් ලෝහය:’ විප්ලවීය සොයාගැනීමක්’ කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

Smaller than the cross-section of a hair on your head: The tiny sample went from transparent, to black, to highly reflective as the pressure was increased. Becoming shiny and reflective is a sign the material has become a solid metal, the Harvard team claimsImage copyrightHARVARD UNIVERSIT/RANGA DIAS/ISAAC SILVERA

නූතන විද්‍යාවේ ‘විප්ලවයක්’ ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පමණක් නොව අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් බලාපොරොත්තු පළකරයි.

ලෝකය මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහල පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙක් පසුගියදා සමත්වූහ.

හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණවල නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ එම සොයාගැනීම කරනු ලැබුවේ ආචාර්ය රංග ඩයස් විසිනි.

අචාර්ය රංග ඩයස් සිය විද්‍යාගාරයේ
Image copyrightHARVARD UNIVERSITY

“මටත් විශ්වාස කරගන්න බැරිවුනා මොකක්ද මේ වුනේ කියන එක. එක දවසක් උදේ පාන්දර එකට විතර තමයි ඕක වුනේ. මොකද මේ පර්යේෂණය පටන්ගත්තට පස්සේ එක දිගට අපි වැඩ කෙරුවා,”ආචාර්ය රංග ඩයස් සිය සොයාගැනීම බීබීසී සිංහල සේවයට විස්තර කළේ සතුටිනි. (ආචාර්ය රංග ඩයස් සමග සාකච්ඡාවට සවන්දෙන්න)

හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මෙයින් වසර අසූවකට පමණ ඉහතදී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු වතාව මෙයයි.

“මම ඒ වෙලාවෙම මගේ උපදේශකවරයාට කෝල් කළා. එයා ඒ වෙලාවෙම දුවගෙන ආව. දුවගෙන ඇවිල්ල චෙක් කළා. මොකද මුලින් ටිකක් බයකුත් තිබුණ ඩයමන්ඩ් එක කැඩෙන්න දෙන්නේ නැතුව ඔක්කොම දේවල් චෙක් කරලා ඔප්පු කරන්න පුළුවන් වෙව්විද කියලා.”(සංදේශය වැඩසටහනට සවන්දෙන්න)

Image of a diamond anvil cell compressing molecular hydrogenImage copyrightHARVARD UNIVERSITY/ RANGA DIAS/ISAAC SILVERA
Image captionහයිඩ්‍රජන් මවුලයක් දැඩි පීඩනයකට පත්කරන දියමන්තියක රූපමය සටහන

දියමන්ති යොදාගෙන හයිඩ්‍රජන් මවුලවලට ඉතා ඉහල පීඩනයක් ලබා දී හයිඩ්‍රජන් වායුවේ (H2) මවුල අතර පවතින පරතරය අඩුකර, එහි පරමාණු දෙක එකිනෙකින් වෙන්කර (H බවට පත්කර) එය ලෝහයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබුණි.

අධික පීඩනයක් යටතේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ මෙයින් තෙවසරකට ඉහතදී.

Grey line

නව සොයාගැනීම හේතුවෙන් ලොවට අත්විය හැකි ප්‍රයෝජන අතර:

  • බලශක්තිය සඳහා වැයවන වියදම අඩුකිරීම,
  • හයිඩ්‍රජන් ලෝහයේ බලශක්තිය තැන්පත් කිරීම,
  • ඉන්ධනයක් ලෙසින් භාවිත කිරීම
  • අභ්‍යවකාශ යානා නිෂ්පාදනය සඳහා හයිඩ්‍රජන් ලෝහය යොදාගැනීම
  • අධිවේගී දුම්රිය අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම
  • ඉලෙක්ට්‍රොනික පරිපථ නිපදවීම සඳහා යොදාගැනීම

“උදාහරණයක් විදියට විදුලිය සම්ප්‍රේෂණයෙදි ප්‍රතිරෝධය නිසා ලොකු හානියක් වෙනවා. නමුත් ලෝහමය හයිඩ්‍රජන් පාවිච්චි කරලා වයර් හදන්න පුළුවන් වුනොත්, එතකොට අපිට පුළුවන් කිසිම හානියක් නැතිව විදුලිය යවල බලශක්තිය ඉතිරි කරන්න.”

විද්‍යාගාරයක් තුල හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීමට සමත්වීම යනු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහලෝකවලත් හයිඩ්‍රජන් ලෝහය පවතින්නේය යන විද්‍යාත්මක මතය ප්‍රායෝගිකව සනාථ කිරීමක් බවත් ආචාර්ය ඩයස් සඳහන් කළේය.

Metallic hydrogen would give a rocket prodigious capability
Image copyrightNASA
Image captionහයිඩ්‍රජන් ලෝහය මගින් රොකට් නිෂ්පාදනයේ ‘ආශ්චර්යමත්’ වෙනසක් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති

හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ, එවැනි විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දිගටම නිරතවීම සිය අභිලාශය බවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය.

බිබිසි ඇසුරෙනි

%d bloggers like this: