January 8, 2018


බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු, ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය. ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි…


කාන්තා, පුරුෂ වැටුප් පරතරය නිසා බීබීසී සංස්කාරකවරියක් ඉල්ලා අස්වෙයි

සිය තනතුරට සමාන තනතුරු හොබවන පුරුෂයන්ට තමන්ට ලැබුණ වැටුපට වඩා 50% කට වැඩි මුදලක් ගෙවන බව පවසමින් බීබීසී යේ චීන කටයුතු පිළිබඳ සංස්කාරිකා කැරී ග්‍රේසි සිය ඉල්ලා අස්වීම නිවේදනය කළාය. තිස් වසරක් බීබීසී මාධ්‍ය ආයතනයේ…



බැඳුම්කර ගනුදෙනුවට මගේ සම්බන්ධයක් නෑ – රවි කරුණානායක

බැඳුම්කර ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නැතැයි බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනාධිපතිවරයා හෙළි කළ කරුණුවලින් අනාවරණය වන බව රවි කරුණානායක මන්ත්‍රීවරයා පවසයි. බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසම පරීක්ෂණ පැවැත්වුයේ බැඳුම්කර ගනුදෙනුව ගැන මිස සිය දියණිය කුලියට ගත්…


මොකක්ද මේ මොරගහකන්ද ව්‍යාපෘතිය?

ශ්‍රී ලංකාවේ ඉදි වූ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියක් වන මාතලේ දිස්ත්‍රික්කයට අයත් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර සඳුදා (ජනවාරි 08) මුදා හැරේ. 2007 ජනවාරි 25 වෙනිදා වැඩ ආරම්භ කළ මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය…


ලිඟුවේ පැහැයට වඩා වැදගත් වන්නේ “ක්‍රියාකාරිත්වයයි”

ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම ප්‍රවණතාවයය. ඒ සමගම…


මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි. ‘අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව’ හෙවත් ‘අර්සා’ කැරලි කණ්ඩායම පසුගිය වසරේ දී මියන්මාර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග…


බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? – රනිල්

වසර 2008 – 2015 කාල සීමාව තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන හතරක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ…