චීනයේ පළමු මගී ගුවන් යානය මංගල ගමනේ

Image copyrightGETTY IMAGES
Image caption• ද්විත්ව එන්ජිමක් සහිත C919 යානයේ මගීන් 168 දෙනෙකුට අසුන් ගත හැක

බෝයින් (Boeing ) සහ එයාර්බස් (Airbus) යනු ගුවන් යානා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ සමාගම්ය.

චීනයේ නිෂ්පාදිත පළමු විශාලතම මගී ගුවන් යානය සිය මංගල ගුවන් ගමන සම්පූර්ණ කළේ එම සමාගම්වලට අභියෝගයක් වෙමිනි.

මිනිත්තු 90 ක මංගල ගුවන් ගමන නිම කළ C919 මගී යානය ආරක්ෂිතව ෂැංහායි නුවර ‘පුඩොන්’ ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීය.

ගුවන් යානා නිෂ්පාදන වෙළඳපොළට ඇතුළු වීම සඳහා වන චීනයේ අභිලාෂය පෙන්නුම් කරන ප්‍රධාන සංකේතයක් ලෙස C919 ගුවන් යානය හැඳින්විය හැක.

චීන රජයට අයත් ‘Comac’ සමාගම විසින් සැලසුම් කරන ලද යානය නිෂ්පාදනය කිරීම සඳහා දශකයකට ආසන්න කාලයක් ගත වූ අතර අවස්ථා කිහිපයකදීම එහි නිෂ්පාදන කටයුතු ප්‍රමාද විය.

‘ජාතික අභිමානය’

• ද්විත්ව එන්ජිමක් සහිත C919 යානයේ මගීන් 168 දෙනෙකුට අසුන් ගත හැකImage copyrightGETTY IMAGES

ප්‍රභූ නිලධාරීන්, ගුවන් සේවකයන් සහ ගුවන් යානාවලට කැමැත්තක් දක්වන්නන් ඇතුළු දහස් ගණනක් ජනතාව ඉදිරියේ ගුවන් නියමුවන් පස් දෙනෙකු සහ ඉංජිනේරු කණ්ඩායමක් මංගල ගුවන් ගමන සඳහා එක් වූහ.

එම අවස්ථාව ජාතික අභිමානය සනිටුවහන් කළ මොහොතක් ලෙස එහි සිටින බීබීසී වාර්තාකරු විග්‍රහ කරයි.

බෝයින් 737 සහ එයාර්බස් A320 වර්ගයේ ගුවන් යානා සමග සෘජු තරගකරුවෙකු වශයෙන් C919 ගුවන් යානය නිර්මාණය කෙරිණි.

C919 ගුවන් යානය

  • ද්විත්ව එන්ජිමක් සහිත C919 යානයේ මගීන් 168 දෙනෙකුට අසුන් ගත හැක
  • එක්වර කිලෝමීටර 4,075 – 5,555 ත් අතර දුරක් පියාසර කළ හැක
  • චීන රාජ්‍ය මාධ්‍යයට අනුව එක් යානයක් සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 500 කි. එය බෝයින් 737 සහ එයාර්බස් A320 වර්ගයේ ගුවන් යානයක් නිර්මාණය කිරීම සඳහා වැය වන මුදලින් අඩකටත් වඩා අඩු මුදලකි.

ගුවන් සේවා සමාගම් 23 කින් ගුවන් යානා 500 කට අධික සංඛ්‍යාවක් සඳහා ඇණවුම් ලැබී ඇති බව බලධාරීහු පවසති.

මාවෝ සේතුං

C919 aircraftImage copyrightAFP

C919 යානය සඳහා තත්ත්ව සහතික ලබා දීමේ ක්‍රියාවලිය යුරෝපා ගුවන් ආරක්ෂක නියාමන ආයතනය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

එම තත්ව සහතිකය ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම සඳහා තීරණාත්මක සාධකයකි.

හැත්තෑව දශකයේ සිට චීනය තමන්ගේම ගුවන් යානයක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් පසු විය.

ඒ සඳහා මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං ගේ බිරිඳ ජියාන් චින් පෞද්ගලිකව සහාය ලබා දුණි.

හැත්තෑව දශකයේ දී නිෂ්පාදනය කරන ලද Y-10 යානය අසාර්ථක වූයේ එහි වූ අධික බර හේතුවෙනි.

ඉදිරි වසර 20 තුළ ගුවන් යානා නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් වනු ඇති බව ඇස්තමේන්තු කොට තිබේ.

 

–බිබිසි ඇසුරෙනි —

%d bloggers like this: